පළමුව ඔබ සියලුම දෙනාට ලැබුවාවූ 2025 අලුත් අවුරුද්ද සාමය සතුට සව්භාග්‍ය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල මම ප්‍රර්ථනා කරනවා.
වසර කිහිපයකට පසුව වුවත් අපගේ ආදරණිය සේවක මහත්ම මහත්මීන් මේ ආකාරයෙන් හෝ ඇමතීමට ලැබීම මම මාගේ භාග්‍යක් වශයෙන් සලකනු ලබනවා.
2025 වර්ෂය කියන්නේ අපගේ ආයතනයට ඉතාම විශේෂ අවුරුද්දක්.
හරියටම කියනවා නම් මේ වසර වෙද්දී අපගේ ආයතනය ආරම්භකර වසර 20ක කාලසීමාවක් සම්පුර්ණ වෙනවා.
විසි වසරක් කියන්නේ ඉතා දිගු කාලයක්. දුක, සැප, සතුට, දුක, මේ සේරම එක්ක ගෙවුන කාලයක්.
ඉතින්, අද අපි ඉන්න මේ තත්වය එක්ක බැලුවම, මේ ආයතනය මේ තත්වයට අරගෙන එන්න අපි වගේම ඔබලා හැමෝගෙම උනන්දුව, කැපවීම වගේම අප්‍රතිහත ධෛර්යය ඒ සඳහා බලපාල තිබෙනවා.
ඒ වාගේම ඉදිරියටත් අපේ ගමන පුරාවටම, අපේ ආයතනයේ ඉදිරි ඉලක්ක සාර්ථක කරගන්නත් ඔබලා හැමෝම අපිට මේ වගේම සහයෝගය දේවි කියල මම විශ්වාස කරනවා.
ඉතින් තවත් වතාවක් අපිත් සමග, මේ බොටනිකොයර් ආයතනය එක්ක, වසර විස්සක් රැදී සිටි ඔබ සියලුම දෙනාට බොටනිකොයර් පවුල වෙනුවෙන් මගේ හර්දයන්ගම ස්තුතිය මම පුදකරනවා.
බොහොමත්ම ස්තුතිය්. නන්රි.
සුබම සුබ 2025 අවුරුද්දක් වේවා..