Dankotuwa
overcast clouds
26.2 ° C
26.2 °
26.2 °
88 %
5.6kmh
100 %
Sun
26 °
Mon
28 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

අලුත් අවුරුද්දේ සෞඛ්‍යය හා ආරක්ෂක අංශයේ  අපේ මුල්ම පණිවුඩය

මේ අලුත් මාසයේ, මුලින්ම අපිට අනතුරු සහ අතපසුවීම් වාර්තා කිරීමේ වැදගත්කම ගැන කතා කරන්න අවශ්‍යයි. 

පහතින් දක්වා ඇති අවස්ථාවන්හි දී විශේෂිත ආරක්ෂණ පිලිවෙත් අනුගමනය කිරීම කලයුතු බව අප විශේෂයෙන් මතක තබා ගත යුතුය.

  1. විදුලිය පරිහරණයේ දී අනුගමනය කලයුතු ආරක්ෂණ පිලිවෙත්.
  2. උස් ස්ථානයක වැඩ කිරීමේ දී අනුගමනය කලයුතු ආරක්ෂණ පිලිවෙත්.
  3. සීමා වූ අවකාශයක වැඩ කිරීමේ දී අනුගමනය කලයුතු ආරක්ෂණ පිලිවෙත්.
  4. අනාරක්‍ෂිත ගොඩනැගිලි තුල වැඩ කිරීමේ දී අනුගමනය කලයුතු ආරක්ෂණ පිලිවෙත්.
  5. පෞද්ගලික ආරක්ෂණ උපකරණ පැලදීම.
  6. ආන්තරාදායක රසායන ද්‍රව්‍යය පරිභෝජනය කිරීමේ දී අනුගමනය කලයුතු ආරක්ෂණ පිලිවෙත්.
  7. නියමිත පරිදි යන්ත්‍ර ආවරණය කර තැබීමේ පිලිවෙත්.
  8. නිසි ආරක්ෂණ ක්‍රමවේද පිළිබද නිරන්තර පුහුණු සංස්කෘතියක් පවත්වාගෙන යාම.

Near Miss එහෙමත් නැත්නම් අනුනමයෙන් බේරුන අවස්ථා කියන්නේ, අනතුරක් සිද්ධ වුන නමුත් ඒකේ හානිය දුරදිග යන්න කලින් නැවතුනු උපද්‍රව. මේ ඕනෑම අවස්ථාවක අපෙන් අනිවාර්යෙන්ම වෙන්න ඕන දේ තමයි ඒ සිද්ධිය හැකි ඉක්මනින් සෞඛ්‍යය හා ආරක්ෂක අංශයට වාර්තා කරන එක. 

එහෙම කරන එකෙන් අපිට, යම් කෙනෙක්ට වෙන්න පුළුවන් හානියක් වලක්වා ගන්න පුළුවන් වෙනවා වගේම යම් යම් තත්වයන් සදහා දිගුකාලීන විසදුම් හොයාගන්න උපකාරී වෙන්නත් පුළුවන්. 

එම නිසා, 

ඔබ යම්කිසි අනාරක්ෂිත දෙයක් දුටුවොත්, එය නොසලකා හරින්න එපා. හැකි ඉක්මනින් ඔබේ සුපරීක්ෂකවරයාට හෝ සෞඛ්‍යය හා ආරක්ෂක කණ්ඩායමට එය වහාම දැනුම් දෙන්න. 

ඒ වෙනුවෙන් වැයවෙන්නේ ඉතාම පුංචි කාලයක්, පොඩි වචන කීපයක්. නමුත් ඔබේ ඒ ක්‍රියාව නිසා නවතින්නේ තවත් කෙනෙකුගේ ජීවිතයට වෙන්න පුළුවන් හානියක්, විශාල උපකරණ නඩත්තුවකට හේතුවක්, වගේම යම් දවසක ඔබටම වෙන්න පුළුවන් තුවාලයක් වෙන්න පුළුවන්. 

 

Related Articles

Latest Articles