Dankotuwa
light rain
29 ° C
29 °
29 °
79 %
5.1kmh
91 %
Fri
29 °
Sat
31 °
Sun
29 °
Mon
29 °
Tue
29 °

බොටනිකොයාර් අප ආයතනයට වසර 20ක් සපිරීම නිමිත්තෙන් පැවති සර්ව රාත්‍රික පිරිත් දේශනය සහ උදෑසන දානමය පිංකම 

2025 මාර්තු 22 වැනි සෙනසුරාදා බොටනිකොයාර් අප ආයතනයට තවත් සුවිශේෂී දවසක් වුණා. ඒ පුරා මාස එක හමාරක් වැනි කාලයක සිට අප ආයතනයේ විධායක, ජ්‍යෙෂ්ඨ මෙන්ම අනෙකුත් සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් සැලසුම් කර  තිබූ සර්ව රාත්‍රික පිරිත් දේශනය මෙදිනට යෙදී තිබූ බැවිනි.

සේවක මහත්ම මහත්මීන්ගේ ද නොමසුරු දායකත්වය ලබමින්, ආයතනයට පිවිසෙන මාවත අලංකාරවත් විදුලි බුබුලු දමා සරසමින්, ආයතනයේ පිවිසුම අසල සිට පිරිත් මණ්ඩපය තෙක් ස්වාමීන්වහන්සේලා වැඩම කරන මාවත පාවඩ අතුරා පහන් දල්වා ආලෝකමත් කරමින්, දර්ශනයෙන් පවා පහන් සිත් පුරවන සර්ව රාත්‍රික පිරිත් දේශනයක් අති සාර්ථකව පැවැත්වීමට අපට හැකියාව ලැබිණි.

එමෙන් ම, ආයතනයේ සේවක මහත්ම මහත්මීන්ගේම දෑතින් ම පිරිසිදුව, පිලිවෙලට නිම වූ උදෑසන දානය ද, අටපිරිකර හා සෙසු පිරිකර පූජාවන් ද සිදු කරමින් මහා සංඝ රත්නයට පරිපූර්ණ දානමය පිංකමක් පසු දා උදෑසන සිදුකෙරිණි.

තව තවත් මෙවන් පින්කටයුතු ඉදිරියටත් කිරීමට හැකියාව ලබමින්, වසර 20ක් පුරාවට අප බොටනිකොයාර් ආයතනය සාර්ථකත්වයට පත් වූවා සේම ඉදිරියටත් එන සියලුම බාධක ජයගෙන ලොව පුරා ගුණාත්මක නිෂ්පාදන බෙදාහරිමින් කොහු ආශ්‍රිත උපස්ථර නිෂ්පාදන ක්ෂේත්‍රයේ දිගුකාලීන සාර්ථක ගමනක් යනු දැකීම බොටනිකොයාර් අප සැමගේම ඒකායන පැතුමයි.

Related Articles

Latest Articles