Dankotuwa
overcast clouds
26.2 ° C
26.2 °
26.2 °
88 %
5.6kmh
100 %
Sun
26 °
Mon
28 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

“RPC (වගකීමෙන් නිෂ්පාදනය කරන ලද කොහුබත්) සහතිකකරණය හදුන්වාදීමේ ක්‍රියාවලිය” – නව ආරම්භයක්, අඛණ්ඩ සාර්ථකත්වයක්

RHP  නම් අන්තර්ජාතික විගණන කණ්ඩායම විසින් පවත්වන ලද RPC සහතිකකරණ (වගකීමෙන් නිෂ්පාදනය කරන ලද කොහුබත්) විගණනයේ පළමු අදියර බොටනිකොයාර් අප ආයතනයේ සහයෝගීත්වය මඟින්  සාර්ථකව නිම කිරීමට හැකියාව ලැබී ඇත. මෙමඟින් අප ආයතනයට ද ජාත්‍යන්තර පිළිගැනීමක් එක් කරන අතර අපගේ ගනුදෙනුකරුවන් අතර ද විශ්වාසය ශක්තිමත් කරයි. අපගේ කළමනාකරණ කණ්ඩායමේ සහ සේවකයින්ගේ කැපවීම තුළින් අපට මෙම පිළිගැනීම ළඟා කරගත හැකි විය.

මෙම විගණනයේ සලකා බලනු ලැබූ විශේෂ කරුණු

අරමුණ සහ දැක්ම: කොහුබත් සැපයුම් දාමයේ විනිවිදභාවය ,සොයා ගැනීමේ හැකියාව සහ තිරසාරභාවය සහතික කිරීම මෙන්ම වගකීමෙන් යුතුව කොහුබත් පිරිපහදු කිරීම.

මූලික අවධානය: ආරක්ෂිත සේවා කොන්දේසි, පුද්ගල ආරක්ෂක ඇදුම් භාවිතය , වගකිවයුතු ජල/රසායනික භාවිතය, අපජල පිරිපහදු කිරීම, CO2  අඩු කිරීම සහ අපද්‍රව්‍ය කළමනාකරණය.

මූලධර්ම සහ නිර්ණායක: නීත්‍යානුකූලභාවය සහ පාලනය, සමාජ අංශ, පාරිසරික අංශ, කළමනාකරණ සැලසුම් කිරීම් සහ භාරකාර දාම යන සියලූම අංශ ආවරණය කරයි.

Related Articles

Latest Articles