Dankotuwa
overcast clouds
26.2 ° C
26.2 °
26.2 °
88 %
5.6kmh
100 %
Sun
26 °
Mon
28 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

අලුත් අවුරුද්දකට අලුතෙන් ආරක්ෂාව ගැන හිතමු

2025 වසර සදහා සෞඛ්‍යය හා ආරක්ෂණ අංශයේ අපගේ ඉලක්කයන් වන්නේ ආරක්‍ෂිත පිළිවෙත් වැඩිදියුණු කිරීම මගින් අනතුරු අවම කර ගැනීමයි.

එසේ වීමට නම්, 

  1. උපද්‍රව සහ අනුනමයෙන් බේරුන අවස්ථා වාර්තා කිරීම – ඉදිරියේදී ඇතිවෙන්න පුළුවන් අනතුරු වලක්වා ගන්න මේ මගින් පුළුවන්. 
  2. අවදානම් තක්සේරු කිරීම – නිරන්තර පරීක්ෂාව අනතුරු හඳුනා ගැනීමට සහ අවම කිරීමට උපකාරී වෙනවා.
  3. හදිසි අවස්ථා සඳහා පෙර සුදානම – අනතුරකදී ඉක්මන් ප්‍රතිචාර දැක්වීම මඟින් ජීවිතයක් බේරගන්න තියෙන අවස්ථාව වැඩිවෙනවා.
  4. නිසි පිළිවෙත් පිළිපැදීම සහ වැඩ බලපත්‍ර වලට අනුව, කාර්‍යයන් කිරීම – නිසි ආරක්ෂක උපාංග පැලදීම, සපත්තු, අත් ආවරණ පැලදීම, මුව ආවරණ පැලදීම වැනි කාරනා අයත් වෙන්නේ මේ කොටසට.
  5. උපකරණ වල චලනය වෙන කොටස් අංශක 360ම ආවරණය කිරීම – අපිට වෙන හානි වලක්වන්න අපි භාවිතා කරන උපකරණ වල ආරක්ෂාව සහතික කිරීමත් වැදගත්.
  6. නිසි ආරක්ෂක පුහුණුව – ආරක්ෂාවට වැදගත් විස්තර ගැන දැනුවත් භාවය දිගටම පවත්වාගන්න නම් අඛණ්ඩව පුහුණුවීම් කටයුතුවල යෙදෙන එකත් ඉතාම වැදගත්.

එක්ව මෙම පියවරයන් අනුගමනය කිරීමෙන් අපිට, අපි හැමෝටම ආරක්‍ෂිත සේවා ස්ථානයක් නිර්මාණය කරන්න ඉඩ ලැබෙනවා නොඅනුමානයි. 

 ඉතින් එහෙනම් අපිත්, 2025 අනතුරුවලින් තොර වසරක් කරගන්න කණ්ඩායමක් විදිහට වැඩකරමු. 

Related Articles

Latest Articles