Dankotuwa
overcast clouds
26.2 ° C
26.2 °
26.2 °
88 %
5.6kmh
100 %
Sun
26 °
Mon
28 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

නව වසරක නව දැක්මක් 

ගෙවුණු හැම ජනවාරි මාසෙකටම වඩා 2025 ජනවාරි මාසය බොටනිකොයර් අපිට ගොඩක් විශේෂයි.

මොකද කියනවානම් අපේ ආයතනයේ 20 වෙනි සංවත්සරය යෙදිලා තියෙන්නේ මේ ලබන අලුත් අවුරුද්දේ. 

ඒ අලුත් හැඟීමත් හිතේ තියාගෙනම අපි හැමෝම එකතුවෙලා, කිරි උතුරවලා, පොල්තෙල් පහන් පත්තු කරලා, සතුටු හිනා ගොඩක් එක්ක, අලුත් බලාපොරොත්තු ගොන්නක් හිත්වල තියාගෙන අපේ අලුත් අවුරුද්ද පටන් ගත්තා. 

සංවත්සර සැමරුම්, විශේෂ සුභසාදන ව්‍යාපෘති, කණ්ඩායම් ව්‍යාපෘති, ඒ වගේම සමාජය වෙනුවෙන් අපෙන් වෙන්න ඕන මෙහෙවරවල් රැසක පෙලගැස්මකුත් එක්කම ඉස්සරට එන්න තියෙන හැම මාසයක්ම අපිට කාර්යබහුල වගේම අලුත් අත්දැකීම් රැසක් ගෙන එන බව නොඅනුමානයි.  

ඒ හැම දෙයක්ම සිහිපත් කරන ගමන්ම, අපේ ආදරණීය කලමණාකාර අධ්‍යක්ෂකතුමා, ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ හැමෝමත්, අපේම ආදරණීය සේවක මණ්ඩලයත් එක්ක, පරණ බැඳීම් අලුත් කරන ගමන්ම, අලුත් අලුත් අරමුණු එක්ක පටන් ගත්ත මේ 2025 අවුරුද්ද බොටනිකොයර් ආයතනයට වගේම අපි හැමෝටමත් සුබම සුබ අවුරුද්දක්ම වේවා !!!

Related Articles

Latest Articles