Dankotuwa
clear sky
28 ° C
28 °
28 °
89 %
5.1kmh
2 %
Thu
28 °
Fri
31 °
Sat
31 °
Sun
29 °
Mon
29 °

අනපේක්ෂිත අවස්ථාවක අපි සූදානම් – ප්‍රථමාධාර පුහුණුව 2025

බොටනිකොයාර් අප ආයතනයේ ආරක්ෂාව යනු ප්‍රමුඛත්වයක් පමණක් නොව, එය අපගේ වගකීමකි.

මෙම කරුණ මූලික කර ගනිමින් අප සමාගම මගින් සැප්තැම්බර් 1වන සහ 2වන දිනවලදී පවත්වනු ලැබූ ප්‍රථමාධාර පුහුණු වැඩසටහන මඟින් අප ආයතනයේ සේවකයින්ට තමන්ගේ මෙන්ම තවත් කෙනෙකුගේ ජීවිතයක් රැකගැනීමට අවශ්‍ය මූලික කුසලතා සහ දැනුම නිසි ආකාරව ලබාදීමට හැකියාව ලැබිණි.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ අරුණ ශාන්ත මහතා විසින් මෙහෙයවන ලදී.

මෙහිදී මූලික වශයෙන් පහත කරුණු සාකච්ඡා කරන ලදී.

  • මූලික ඇගයීම – අවදානම් නැතිදැයි පරික්ෂා කිරීම, රෝගියගේ ප්‍රතිචාර පරීක්ෂා කිරීම සහ උපකාර ඉල්ලා සිටීම.
  • CPR සහ AED භාවිතය – වැඩිහිටි, ළමා සහ ළදරු CPR ශිල්පීය ක්‍රම සහ AED භාවිතය පිලිබඳ පුහුණුව.
  • ලේ ගැලීම සහ තුවාල – බාහිර රුධිර වහනය පාලනය කිරීම, වෙළුම් පටියක් යෙදීම සහ තුවාල ආවරණය.
  • අස්ථි බිඳීම් සහ උළුක්කු – නිශ්චල කිරීම සහ ආරක්ෂිතව හැසිරවීම.
  • පිළිස්සුම් සහ උණුදිය ගැලීම් – පිළිස්සුම් වර්ග සහ ක්ෂණික සත්කාර.
  • දියේ ගිලීම් – හඳුනා ගැනීම සහ ප්‍රථමාධාර පියවර.
  • කම්පනය සහ සිහිසුන්භාවය – ස්ථානගත කිරීම සහ ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාමාර්ග.
  • වෛද්‍ය හදිසි අවස්ථා – ක්ලාන්තය, හෘදයාබාධ, ආඝාතය, අපස්මාරය, ඇදුම හැසිරවීම.
  • ප්‍රායෝගික නිරූපණ

ඕනෑම වෙලාවක හදිසි තත්ත්වයක් ඇතිවිය හැක. නිවැරදි පුහුණුවක් සහ දැනුමක් ඇතිවීමෙන් අපට ජීවිතයක් රැකගත හැකිය – එය ඔබේ සහ ඔබේ හිතවතුන්ගේ ජීවිතය විය හැක.

මෙම වැඩසටහන සාර්ථක කිරීමට දායක වූ සියලුම සහභාගීවූවන්ට සහ පුහුණුකරුවන්ට ස්තුතියි! ඉදිරියටත් ආරක්ෂාව ප්‍රමුඛ කරගෙන, තවදුරටත් පුහුණු වන්න – තත්කාලීන ක්‍රියාමාර්ග ගැනීම ජීවිත රැක ගනියි!

Related Articles

Latest Articles