Dankotuwa
light rain
29 ° C
29 °
29 °
79 %
5.1kmh
91 %
Fri
29 °
Sat
31 °
Sun
29 °
Mon
29 °
Tue
29 °

සුබම සුබ 2025 අවුරුද්දක් වේවා !!!!

බොටනිකොයර් කළමණාකාර අධ්‍යක්ෂකතුමාගේ නව වසරේ පණිවිඩය

පළමුව ඔබ සියලුම දෙනාට ලැබුවාවූ 2025 අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක්  වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. වසර කිහිපයකට පසුව වුවත් අපගේ ආදරණිය සේවක මහත්ම මහත්මීන් මේ ආකාරයෙන් හෝ ඇමතීමට ලැබීම මම මාගේ භාග්‍යක් වශයෙන් සලකනු ලබනවා.

2025 වර්ෂය කියන්නේ අපගේ ආයතනයට ඉතාම විශේෂ අවුරුද්දක්.

හරියටම කියනවා නම් මේ වසර වෙද්දී අපගේ ආයතනය ආරම්භකර වසර 20ක කාලසීමාවක් සම්පුර්ණ වෙනවා.

විසි වසරක් කියන්නේ ඉතා දිගු කාලයක්. දුක, සැප, නින්දා, ප්‍රශංසා වගේ ම දහසකුත් අභියෝග සමඟ ගෙවුන කාලයක්.

ඉතින්, අද අපි ඉන්න මේ තත්ත්වය එක්ක බැලුවම, මේ ආයතනය වර්තමාන තත්ත්වය දක්වා රැගෙන එන්න අපි වගේම ඔබලා හැමෝගෙම උනන්දුව, කැපවීම වගේම අප්‍රතිහත ධෛර්යය ඒ සඳහා බලපාල තිබෙනවා.

ඒ වගේම ඉදිරියටත් අපේ ගමන පුරාවටම, අපේ ආයතනයේ ඉදිරි ඉලක්ක සාර්ථක කරගන්නත් ඔබලා හැමෝම අපිට මේ වගේම සහයෝගය දේවි කියල මම විශ්වාස කරනවා.

ඉතින් තවත් වතාවක් අපිත් සමඟ, මේ බොටනිකොයර් ආයතනය එක්ක, වසර විස්සක් රැදී සිටි ඔබ සියලුම දෙනාට බොටනිකොයර් පවුල වෙනුවෙන් මගේ හෘදයාංගම ස්තූතිය මම පුදකරනවා.

බොහොමත්ම ස්තූතියි.

සුබම සුබ 2025 අවුරුද්දක් වේවා.

Related Articles

Latest Articles