Dankotuwa
overcast clouds
26.2 ° C
26.2 °
26.2 °
88 %
5.6kmh
100 %
Sun
26 °
Mon
28 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

2024 – පෝලන්තයේ පලතුරු වගාකරුවන් පිරිසකගේ සංචාරය

2024 වසරේ මාර්තු මාසයේදී පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවේ අපගේ නිෂ්පාදන මධ්‍යස්ථානය නැරඹීමට පැමිනි අපගේ දිගුකාලීන ගනුදෙනුකරුවන් පිරිසක් (පලතුරු වගාකරුවන්) අපි සාදරයෙන් පිළිගත්තා.

බොටැනිකොය(ර්) අප සමාගමේ, බෙදාහැරීමේ අධ්‍යක්ෂක මහත්මයෙක් වන, 4berries, ක්‍රිස්ටෝෆ් සාක් මහතා, අප සමාගම කොහු ආශ්‍රිත නිෂ්පාදනයන් කරන ආකාරය නිරීක්ෂණය කිරීමට විශාලතම පෝලන්ත පලතුරු වගාකරුවන් කණ්ඩායමක් සමඟ මෙම චාරිකව මෙහෙයවමින් පැමිණ සිටියා.

“මෙම ගනුදෙනුකරුවන් කණ්ඩායම සමඟ අප පවත්වන දිගු සම්බන්ධතාවයට ස්තූති කිරීම සඳහා, වගාකරුවන් 12 දෙනෙකුට ශ්‍රී ලංකාවට දින හතක සංචාරයක් සඳහා, බොටැනිකොය(ර්) කර්මාන්ත ශාලාව නැරඹීමට සහ බොටැනිකොය(ර්)  කණ්ඩායම සමඟ ගුණාත්මක කාලයක් ගත කිරීමට ආරාධනා කළා,“ ක්‍රිස්ටෝෆ් සාක් මහතා පවසයි.  

 

එමෙන් ම මෙම සංචාරය ඉතා වටිනාකමින් යුතු සංචාරයක් වූ අතර, මෙමගින් හරිත උද්‍යාන සදහා නිර්මාණය කරන ලද කොහු ආශ්‍රිත නිශ්පාදන පහසුකම්වල පරිමාණය  සහ වෘත්තීයභාවය පිළිබඳව වගාකරුවන් වශී වූ බව ද ඔවුන් පවසනවා.

“කැප වූ කාර්ය මණ්ඩලය, දැඩි ක්‍රියාවලීන් සහ අපගේ නිෂ්පාදන ඔවුන්ගේ දෑස් මවිත කල බව ඔවුන් පවසූහ. තව ද සෑම කොහු වර්ගයක්ම එක හා සමාන නොවන බව ඔවුන් තේරුම්ගත් අතර උද්භිද කොහු නිෂ්පාදන සඳහා ආයෝජනය කිරීම යනු සැබෑ ගුණාත්මකභාවයක්, ස්ථාවරත්වයක් ඇති නිශ්පාදන මිලදී ගැනීමක් වන අතරම එමඟින්  ශ්‍රී ලංකාවේ දේශීය ප්‍රජාවන්ට සහාය වීමට ලැබීමද සතුටට කරුණක් වේ.” යැයි ක්‍රිස්ටෝෆ් සාක් මහතා තවදුරටත් පවසා සිටියේ ය.

ක්‍රිස්ටෝෆ් සාක් මහතා වසර පහකට පෙර අප ආයතනය නැරඹීමට පැමිණි අතර අද වන විට වැඩිදියුණු කිරීමේ පරිමාණය විශාල බව දැනුණු බව පවසයි. ස්වයංක්‍රීය කොහු වියළි යන්ත්‍රයක් සහිත එකම කොහු සැපයුම්කරු ලෙසත්, තිරසාරභාවය සහ සමාජ වගකීම් සඳහා කැපවීමෙන් කටයුතු කරන ආයතනයක් ලෙසත් අනාගතයේදී කොහු කර්මන්තය හා එහි ක්‍රියාකාරිත්වය සනාථ කිරීමට අඛණ්ඩව කටයුතු කරනු ඇතැයි ඔහු තරයේ විශ්වාස කරන බව ද කියා සිටියා.

ක්‍රිස්ටෝෆ් සාක් මහතා,  බොටැනිකොය(ර්) නිෂ්පාදන ගැන කොතරම් පැහැදුණාද යත්, ඔහු 2015 දී ඔහුගේ ව්‍යාපාරය වන 4berries හරහා ඔහු පෝලන්තයේ අපගේ කොහු බෙදාහරින්නෙකු බවට පත් විය.

බොටැනිකොය(ර්) නිෂ්පාදන සඳහා ආයෝජනය කිරීම මගින් උසස් තත්ත්වයේ නිෂ්පාදනයන් ගුණාත්මක ගැටළු වලින් තොරව මිල දී ගැනීමට හැකියාවක් පවතින බව ඔහු පළතුරුවගාකරුවන්ට ඉතා සතුටින් පවසා සිටියේ ය.

Related Articles

Latest Articles