Dankotuwa
overcast clouds
26.2 ° C
26.2 °
26.2 °
88 %
5.6kmh
100 %
Sun
26 °
Mon
28 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

තවත් ජීවිතයක් බේරා ගැනීමට එක්වෙමු, බොටනිකොයාර් රුධිර පරිත්‍යාග වැඩසටහන 2025.

බොටැනිකොයාර් ලංකා (පුද්) සමාගම රුධිර පරිත්‍යාග වැඩසටහනක් ජූලි 29වන දින සංවිධානය කරමින් සිය 20 වන සංවත්සරය මහත් අභිමානයෙන් සමරන ලදී. ආයතනයේ සේවක සේවිකාවන් රුධිරය පරිත්‍යාග කිරීම මඟින් තවත් පිරිසකගේ ජීවිත බේරා ගැනීම සඳහා දායක වූ අතර, එමගින් සමාජ වගකීම සහ එකමුතුකම දැඩි ලෙස ඉස්මතු විය.

කළමනාකාරිත්වය ප්‍රකාශ කළේ මෙම වැඩසටහන මඟින් දශක දෙකක සේවය සහ සාර්ථකත්වය සනිටුහන් කරමින් සමාජ මෙහෙවරක් ඉටුකිරීමට හැකි වූ බවයි.

ආයතනයේම ලේ පරිත්‍යාගශීලීන් 50කට නොඅඩු පිරිසකගේ සහභාගේත්වයෙන්, දංකොටුව ප්‍රාදේශීය රෝහලේ පුහුණු වෛද්‍ය කණ්ඩායමක් විසින් ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ රුධිර එකතු කිරීම සිදු විය.

ජීවිත බේරා ගැනීමට එක්වූ ඔබට ස්තුතියි! මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට දායක වූ සියලුම සේවකයින්ට අපගේ ගෞරවය සහ ස්තූතිය පුද කරමු.

Related Articles

Latest Articles